Aruni Magazine

නැවුම් බලාපොරොත්තු ඇතිව නැවතත් අපේම සඟරාව ඔබ අතට පත් කරන්නේ මහත් සතුටකිනි. මේ අපේ සමූපකාරයේ අපේම සඟරාවයි. ඔබේම සඟරාවයි. එහි අඩංගු වියයුතු දේ තීරණය කිරීමත් ලිවීමත් විවේචනය කිරීමත් ඔබට බාරයි. අප සමූපකාර සමිතිය එහි සාමාජික ප්රජාව සමඟ බැද තබන හුය අරුණිය.සාමාජික ප්රජාව වැඩි කර ගැනීම ඒ අයට සමූපකාරික අධ්යාපනය ලබා දීම සමිතියේ ක්රම වේදය පිළිබඳව දැනුවත් කිරීම මෙම සඟරාව මගින් සිදුවිය යුතුය. ඔබගේ සඟරාව මෙය යැ'යි දැඩි අදිටනක් තිබුනොත් ඔබගේ මතය, රචනාව, ගීතය, කවිය මෙතුලට බහාලන්නට ඔබට හැකිය. ඔබගේ දරුවාටද ඊට මග පෙන්විය හැකිය. නොකඩවා ලියන්නට වචන පෑන් තුඩට ගලා එන්නේ ඔබගේ කාල්පනික ශක්තිය හරහාය. ඒ අදහස් ඔබට ආවේ සමාජයෙන්, අධ්යාපනයෙන්, විමර්ශනයෙන්, කුතුහලයෙනි. දැනුමෙන් පෝෂණය වීම පිණිස ඔබ ඔබගේ අත්දැකීම්ද නිරීක්ෂණයෙන් ලබා ගන්නා දැනුමද පොත පතින් ලබා ගන්නා දැනුමද අත්යවශ්යය. ජාතික, සාමාජික, ආර්ථීක, සංස්කෘතික, වැදගත්කමක් ඇති කරුණු පොදු හැගීමකින් ලේඛනය කරන්නේ නම් එම අදහස් අරුණි මතින් සමාජගත කිරීම අපගේ අපේක්ෂාවයි. ඔබේ ලිපිය, කවිය, අරුණි සඟරාවේ පළකර ගැනීමට දිගටම ලියන්න.ලිවීම අත නොහැර ලිවීමෙන් ක්රමයෙන් ඔබ අතින් ඵලදායී දේ ලියවෙනවා සිකුරුය.


Dambadiwa Tours

ආරක්ෂාවන් හා සියලු වගකීම් අප සංස්කෘතික හා මාධ්ය අංශය විසින් බාර ගනු ලැබේ." අසිරිමත් දඹදිව චාරිකා " සී/ස ශ්රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධනය සේවා සමූපකාර සමිතියේ සංස්කෘතික හා මාධ්ය අංගය විසින් සංවිධානය කරනු ලබන දඹදිව වන්දනාමය චාරිකාව 2017 නොවැම්බර් 17 වන දින පිටත් වීම සඳහා සියලු කටයුතු සංවිධානය කර ඇත. ඔබගේ ගමන් බලපත්ර සැකසිය යුතු ආකාරය සහ වන්දනා ගමන සඳහා ගෙනයායුතු දෑ මෙන්ම වැඩි විස්තර දැන ගැනීමට අප අමතන්න 0722 186 071


Diyawanna Wesak Zone

එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව සංවිධානය කරනු ලැබූ ''දියවන්නා වෙසක් කාලාපය'' යථාර්ථයක් බවට පත්කිරීමෙහි ලා ලබා දුන් සුවිශේෂී දායකත්වය සඳහා සී/ස ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමූපකාර සමිතියට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා ගෙන් ලැබූ පුණ්‍යානුමෝදනාත්මක ප්‍රසාදය සහ සමරු පලකය.


Entertainment Program

සී/ස ශ්‍රී ලංකාවේ කාන්තා සංවර්ධන සේවා සමූපකාර සමිතියේ සංස්කෘතික හා මාධ්‍ය අංශය සිය ප්‍රාදේශිකයන්හි සංස්කෘතික ලේකම් වරියන් හා ළමා ලේකම් වරියන් සඳහා රස වින්දන වැඩසටහනක් පසුගිය 4වැනි දා බොරැල්ලේ සීවලීපුර මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පවැත්විනි. සංගීතවේදී සමන් ප්‍රියදර්ශන මහතා, කලාභූෂණ හෙන්රි දහනායක මහතා, සංස්කෘතික ලේකම් සුධර්මා මල්කාන්ති මහත්මිය, සංස්කෘතික හා මාධ්‍ය අංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ උදිත පෙරේරා මහතා මෙම වැඩසටහන මෙහෙය වූහ. කාන්තා සමූපකාරයේ නිර්මාතෘ නන්දසිරි ගමගේ මහතාගේ උපදෙස් මත පැවැත්වූ මෙම රසවින්දන වැඩමුළුවේ පරමාර්ථය වූයේ, සාහිත්‍ය සංගීතය කලා රසවින්දනයෙන් ඈත්වීයන නූතන ළමා හා තුරුණු දරුවන්ට රසවින්දනයට මඟ පෙන්වීම සඳහා කාන්තා සාමාජික පිරිසට මඟ පෙන්වීමයි. ඉදිරියේදී ළමා හා තරුණ පිරිස් සඳහා මෙවැනි වැඩසටහන් නැවත පැවැත්වීමට සී/ස ශ්‍රී ලංකාවේ කාන්තා සංවර්ධන සේවා සමූපකාර සමිතියේ සංස්කෘතික හා මාධ්‍ය අංශය අපේක්ෂා කරයි.